ගමට ගිය ගෝඨා....... (ඡායාරූප)

ගමට ගිය ගෝඨා....... (ඡායාරූප)

17 August 2019 02:36 pm

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) පළමුවරට මැදමුලන ගම වෙත පැමිණියේය.

මැදමුලන වෙත පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා පල්ලෙමුලන ශ්‍රී ධර්මගිරි ගිරුවා සඳ විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත විය. ඉන්පසු මහා සංඝරත්නය විසින් සෙත්පිරිත් සජ්ජායනය කර ඔහුට ආශිර්වාද කළේය.

ආගමික වතාවත්වලින් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා මැදමුලන සිය නිවස වෙත පැමිණි අතර ඔහුව පිළිගැනීම සඳහා ගම්වාසීන් විශාල පිරිසක් එහි පැමිණ සිටියේය.

රැස්ව සිටි පිරිස අමතමින් ඔහු ප්‍රකාශ කළේ මීට වසර 50 කට පෙර සිය සහෝදර මහින්ද රාජපක්ෂ මහතා ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට යවා අවසානයේ ජනාධිපති තනතුර දක්වා ඔසවා තැබූ අයුරින්ම තමාටද සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. 

මෙම අවස්ථාව සඳහා මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ පිරිසක් ද එක්ව සිටියහ.