හොංකොං විරෝධතාකරුවන්ට චීනයෙන් රතු එළියක් !

හොංකොං විරෝධතාකරුවන්ට චීනයෙන් රතු එළියක් !

15 August 2019 05:50 pm

හොංකොං පාලනයට එරෙහිව එරට දහස් ගණන් ජනතාව වීදි බැස විරෝධතා දක්වද්දී හොංකොං දේශසීමා ආසන්නයේ ක්‍රීඩාංගනයක චීන මහජන සන්නද්ධ පොලිස් බලකායේ සාමාජිකයන් පිරිසක් පුහුණු අභ්‍යාසවල නිරතව සිටින බව වාර්තා වේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මෙය චීනය විසින් හොංකොං විරෝධතාකරුවන්ට එල්ල කළ රතු එළියක් බවයි.

හොංකොං පාලනය විසින් චීනයට වාසි සහගත ලෙස හඳුන්වා දුන් නව උදර්පණ නීතියට එරෙහිව මීට මාස දෙක හමාරකට පමණ පෙර මහජන විරෝධතා ආරම්භ වූ අතර කෙසේ වෙතත් හොංකොං පාලනය තවමත් විරෝධතාකරුවන්ට සවන් දීමට සූදානම් නොමැත.

පොලිස් බලකායේ සාමාජිකයන් මෙම පුහුණුවීම් සිදු කරන ක්‍රීඩාංගනය අසළ මිලිටරි වාහන සිය ගණනක් නතර කර තිබෙන අතර ග්ලෝබල් ටයිම්ස් නමැති චීන රජයට අයත් පුවපත් ආයතනය විසින් එම වාහන ඇතුළත් වීඩියෝ පටයක් ද මුදාහැර තිබුණා. එම පුවත්පතේ කතුවරයා ට්විටර්හි සඳහන් කර තිබුණේ එය හොංකොං විරෝධතාකරුවන් සිදු කෙරුණු අනතුරු ඇඟවීමක් බවයි.

මේ අතර ලන්ඩන්හි චීන තානාපති ලියු ෂියෝමිං පසුගියදා ප්‍රකාශ කර තිබුණේ විරෝධතාකරුවන් තවදුරටත් ප්‍රචණ්ඩ වන්නේ නම් චීන රජය පැත්තකට වී නොසිටිනු ඇති බවයි. හොංකොංහි තත්වය තවදුරටත් පි‍රිහෙන්නේ නම් විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් මෙන් කටයුතු කරන්නේ නම් විරෝධතා මැඩපැවැත්වීමට චීනය කටයුතු කළයුතු බව ද ඔහු පවසා තිබෙනවා.

UN