අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව පූර්ණ වාර්තාවක් ලබාදෙන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත දැනුම් දී තිබෙනවා.
අදාල ප්‍රහාරයට අදාලව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ප්‍රමාණය හා ඔවුන් පිළිබඳව මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙසේ වාර්තාවක් ඉල්ලා තිබේ.
අදාල වාර්තාව අනිද්දාට (24) පෙර තමා වෙත ලබාදෙන ලෙසයි නීතිපතිවරයා වැඩිදුරටත් දන්වා ඇත්තේ.
UN
2019-12-16 09:39:00
2019-12-16 08:27:00
2019-12-15 23:40:00
2019-12-15 23:18:00
2019-12-15 22:45:00