පොහොට්ටුවෙන් එජාපයට එන්නේ කවුද?

පොහොට්ටුවෙන් එජාපයට එන්නේ කවුද?

22 July 2019 01:32 pm

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කණ්ඩායමක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයට සහය දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (22) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එම කණ්ඩායම ඉදිරියේදී එජාපයේ සන්ධානය හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට සහය දෙනු ඇති අතර ඉදිරියේදී ඔවුන් කවුරුන්ද යන්නද අනාවරණ වනු ඇතැයි මන්ත්‍රීවරයා කියාසිටියේය.

එමෙන්ම එදා 2015 දී මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වූ කණ්ඩායම් කිහිපයක්ද මෙවර එජාප සන්ධානය වටා ඒකරාශී වීමට නියමිත බවද හර්ෂණ රාජකරුණා මහතා සඳහන්කළේය.

මේ අතර මහින්ද රාජපක්ෂ පාර්ශවය පිළිබඳ ඉතා සෘජුව කතාකරන කුමාර වෙල්ගම මහතාටද එක්සත් ජාතික පක්ෂයේ පුළුල් සන්ධානයට එක්වන ලෙස ආරාධනා කරන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

වෙල්ගම මහතාව පිළිගැනීමට එක්සත් ජාතික පෙරමුණ සූදානම් බවද  ඔහු පැවසුවේය.

අවස්ථා කිහිපයදීම කුමාර වෙල්ගම මහතාට එම ආරාධනය කර තිබෙන බවයි  රාජකරුණා මහතා සඳහන් කළේ.

ASK