මුස්ලිම් කොංග්‍රසය දැඩි තීන්දුවක - විසදුම් දෙන තෙක් ඇමතිධූර එපා

මුස්ලිම් කොංග්‍රසය දැඩි තීන්දුවක - විසදුම් දෙන තෙක් ඇමතිධූර එපා

22 July 2019 08:32 am

දැනට මුස්ලිම් ප්‍රජාවට පවතින ගැටළුවලට නිසි විසඳුම් ලැබෙන තෙක් යළි ඇමති ධූර භාර නොගැනීමට මුස්ලිම් කොංග්‍රසය තීරණය කළ බව හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා අවධාරණය කළේය. 

මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල හමුවෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හකීම් මහතා ඒ බව කියාසිටියේය. 

ඇමතිධූර භාරගැනීමට පෙර සිය ප්‍රජාව මුහුණ දී සිටින ගැටළු විසඳිය යුතු බවත් ඒවා විසඳන බව පෙනෙන්නට තිබිය යුතු බවත් ඔහු සඳහන් කළේය. 

සිය ගැටළු සම්බන්ධයෙන් රජය දැනුවත් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. 

නැවත ඇමතිධූර භාරගන්නා ලෙස ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉල්ලීම් කළද ඇමතිධූර අත්හැරියේ පදනමක් සහිතව වන හෙයින් එකවර ඇමතිධූර භාරගත නොහැකි බවයි හිටපු අමාත්‍යවරයා පැවසුවේ. 

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ඇමතිවරු කිහිපදෙනෙකුට එල්ල වූ චෝදනා පදනම් විරහිත බව දැන ගෙන සිටි නමුත් විධිමත් පරීක්ෂණයකට සහය දීම සඳහා මුස්ලිම් අමාත්‍යවරු සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්වූ බව ඔහු කියාසිටියේය. 

  ASK