බලය බෙදීම යනු සේවා හා පහසුකම් ලබාදීම බව ප්‍රකට ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පෙන්වාදෙයි.
සරළව ප්‍රකාශ කරන්නේ නම් කොළඹට පැමිණ කරගැනීමට සිදුවන බොහෝ කාර්යයන් සිය දිස්ත්‍රික්කය තුළින්ම කරගැනීමට හැකිවන පරිසරයක් ගොඩනැගීම බව ඔහු සඳහන් කරයි.
ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම සේවා හා පහසුකම් තිබේද යන්න සලකා බැලිය යුතු බව ධම්මික පෙරේරා මහතා පවසයි.
විශේෂයෙන් දිස්ත්රික්කයන්ට අදාළව රැකියා වෙළෙඳපොළ ගොඩනැගීම අවශ්‍ය කාරණයක් බවද ඔහු ප්‍රකාශ කරයි.
සියලුම දෙනා පාහේ ආර්ථිකයට දායක කර ගැනීමට නම් සියලුම දිස්ත්‍රික්ක සම්බන්ධයෙන් සේවා හා පහසුකම් සැපයීම පිළිබඳ අවධානය යොමුකළ යුතු වන අතර එය ඉදිරියේදී සිදුකිරීමට අවශ්‍ය කාරණයක් බවයි හෙතෙම අවධාරණය කරන්නේ.
මෙය බල බෙදීම යන සංවාදයටද එය මනා පිළිතුරක් වනු ඇති බවට ඔහු වැඩිදුරටත් විශ්වාසය පළකරයි.
2019-12-16 10:59:00
2019-12-16 10:59:00
2019-12-16 09:39:00
2019-12-16 08:27:00
2019-12-15 23:40:00