පොහොට්ටුවේ මැතිවරණ මෙහෙයුම මෙන්න - මහමොළකරු බැසිල් (VIDEO)

පොහොට්ටුවේ මැතිවරණ මෙහෙයුම මෙන්න - මහමොළකරු බැසිල් (VIDEO)

15 July 2019 10:18 pm

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුමේ ප්‍රමුඛ කාර්යභාර්ය ඉටුකරනුයේ බැසිල් රාජපක්ෂ මහතා බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළේ අද (15) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය. 

සිය මැතිවරණ මෙහෙයුම දිස්ත්‍රික් මට්ටමින් සිදුකරන අතර එය ඉතා ආකර්ශනීය ලෙස සිදුකරන බවයි ඔහු කියාසිටියේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ පූර්ණ බලය මහින්ද රාජපක්ෂ මහතා සතුවන අතර ඔහු විසින් නම් කරන අපේක්ෂකයා වෙනුවෙන් සියලුම දෙනා ඒකාරාශී වන බවයි ජී.එල්.පීරිස් මහතා පැවසුවේ. 

එමෙන්ම සිය අපේක්ෂකයා ජයග්‍රහණය කරන අතර කල් නොයවා පාර්ලිමේන්තු මැතිවරණයද පැවැත්වීමට හැකිවනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

ASK