තව මාස පහයි තියෙන්නේ - අලුත් ආණ්ඩුවක් හදාගන්න පුළුවන් (VIDEO)

තව මාස පහයි තියෙන්නේ - අලුත් ආණ්ඩුවක් හදාගන්න පුළුවන් (VIDEO)

15 July 2019 06:30 pm

තවත් මාස පහකින් අලුත් ආණ්ඩුවක් සෑදීමට ජනතාවට අවස්ථාව හිමි වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) නුවරඑළිය මහ රෝහලේ  නව ගොඩනැඟිල්ල විවෘත කිරිමේ උත්සවයට සහභාගී වෙමිනි. නෙදර්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ  එම රෝහලේ ඉදිකිරීම් කටයුතු සිදු විය. 

ඒ අනුව උනුත් හොරු මුනුත් හොරු නොකියන පිරිසිදු, මානවාදී, රටට ආදරය කරන, දුෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලකයන්ගෙන් සැදුම්ලත් ආණ්ඩුවක් ගොඩනග ගිම සඳහා ජනතාවට ජන්ද බලය ලැබෙන බවයි ජනාධිපතිවරයා කියාසිටියේ. 

මත්ද්‍රව්‍ය ජාවාරම වැලැක්වීම සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය. 

වංචාව, දුෂණය, රට පිළිබඳ ආදරයක් නැතිකම සහ දේශපාලන න්‍යාය පත්‍ර වැනි කාරණා මත්ද්‍රව්‍ය ජාවාරම පසුපස ඇති බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ. 

ASK