මරණ දඬුවම අහෝසි කිරීමට එජාපයෙන් පනතක් - සජිත්ට කනේ පාරක් !

මරණ දඬුවම අහෝසි කිරීමට එජාපයෙන් පනතක් - සජිත්ට කනේ පාරක් !

13 July 2019 07:42 am

මරණීය දණ්ඩනය අහෝසි කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙම පනත් කෙටුම්පත ඊයේ (12) පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී. 

කිසියම් පනතක මරණ දඬුවම නියම කිරීම හෝ මරණීය දණ්ඩනයෙන් දඬුවම් කිරීම යනුවෙන් දැක්වෙන සඳහනක් මෙම පනත ක්‍රියාත්මක වීමෙන් අනතුරුව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් සංශෝධනය කිරීමට එම පනත් කෙටුම්පතින් යෝජනා කර තිබේ. 

මෙය, පක්ෂයට පිටුපාමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව මරණීය දණ්ඩනයට පක්ෂ වී සිටින එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එජාපය විසින් පක්ෂයක් ලෙස එල්ල කළ කනේ පහරක් බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ. 

RN