පොර ශ්‍රීලනිප නෙවෙයි. පොහොට්ටුව තමයි පොර - ඩිලාන්

පොර ශ්‍රීලනිප නෙවෙයි. පොහොට්ටුව තමයි පොර - ඩිලාන්

13 July 2019 07:09 am

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන දෙපාර්ශ්වය සලකා බලන විට ප්‍රබලයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව පිළිගත යුතුව ඇතැයි ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරයි. 

"ඇත්ත කතන්දරේ, පොහොට්ටුවට තනියෙන් දිනන්න බෑ. හැබැයි "පොර" පොහොට්ටුව. බත් පිඟානෙ බත් තමයි පොහොට්ටුව. හැබැයි එළවලු ටික නැතුව බත් කන්න බෑ. ස්ථිර වශයෙන්ම තනියෙන් කාටවත් දිනන්න බෑ. හැබැයි පොර ශ්‍රී ලංකා එක නෙවෙයි. පොර පොහොට්ටුව" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN