ජලය රැගත් දුම්රියක් තමිල්නාඩුවේ සිට චෙන්නායි වෙත

ජලය රැගත් දුම්රියක් තමිල්නාඩුවේ සිට චෙන්නායි වෙත

12 July 2019 03:16 pm

 

ඉන්දියාවේ චෙන්නායි නගරය මුහුණ දී සිටින උග්‍ර ජල අර්බුදයට විසඳුමක් ලෙස චෙන්නායි වෙත දුම්රියෙන් ජලය සැපයීමට කටයුතු කරමින් සිටියි. ඊට අදාළ ජලය සහිත වැගන් 50කින් යුක්ත දුම්රියක් චෙන්නායි හි ජොලාපෙට් දුම්රිය ස්ථානය වෙත ළඟා වී තිබේ. 

තමිල්නාඩු ප්‍රාන්ත රජය මෙම පහසුකම් සලසා තිබේ. 

එම දුම්රියෙහි  ජලය ලීටර් මිලියන 2.5ක් පමණ වන බවයි ඉන්දීය වාර්තා පෙන්වාදෙන්නේ. 

දෙවන දුම්රියෙනුත් සැලකිය යුතු ජලය ප්‍රමාණයක් චෙන්නායි වෙත රැගෙන එනු ඇතැයි ඉන්දීය වැසියන් විශ්වාසය පළකරයි. 

ඉලක්කය වී ඇත්තේ දිනකට ජලය ලීටර් මිලියන 10ක් චෙන්නායි වෙත යැවීමටය. 

මෙම ජල ප්‍රවාහනය සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය රුපියල් කෝටි 65ක් වෙන්කර ඇති බව සඳහන්.   

චෙන්නායි හි පවත්නා ජල අර්බුදය හේතුවෙන් මේ වන විට 40%ක ප්‍රමාණයක් නල ජලය බෙදාහැරීමද  අත්හිටුවා ඇති බව සඳහන්. 

 සාමාන්‍යයෙන් දිනකට ජලය ලීටර මිලියන  830ක් පමණ චෙන්නායි වෙත අවශ්‍ය බව  දැක්වෙයි. 

පසුගිය වසරේ මෝසම් වාර්ෂාව ප්‍රමාණවත් ලෙස නොලැබීම නිසා චෙන්නායි වෙත අවාසනාවන්ත තත්ත්වය ඇති වී තිබෙන බවයි එරට  මාධ්‍ය වාර්තා පවසන්නේ. 

ASK