සජිත් ගොඩ යයිද? (VIDEO)

සජිත් ගොඩ යයිද? (VIDEO)

12 July 2019 02:30 pm

එක්සත් ජාතික පක්ෂය මේ වන විට මුහුණ දෙමින් සිටින්නේ පැලැන්ති ප්‍රශ්නයකට බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. 

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ එක් පාර්ශවයක් සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ කතා කරන විට තවත් පාර්ශවයක් කරූ ජයසූරිය මහතා ගැන කතා කරමින් හිදින්නේ එම ප්‍රශ්නය නිසාවෙන් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එදා ප්‍රේමදාස අගමැතිවරයාට ජනාධිපති අපේක්ෂකයා වීමේ ශක්තියක් පැවතියත් මෙදා සජිත් ප්‍රේමදාස මහතාට එම ශක්තිය නොමැති බව වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය. 

මේ අතර මහින්ද රාජපක්ෂ පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා නිශ්චිත වශයෙන්ම එළඹෙන 10 වැනිදා වන විට දැන ගත හැකි වන බවද ඔහු ප්‍රකාශ කළේය.

අද (12) කොළඹදී  පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. 



ASK