මරණ දඬුවම නියමවූ රැඳවියා ශාස්ත්‍රපති උපාධියක් ලබාගනී, ලංකාවෙන් එසේ කළ පළමුවැන්නා

මරණ දඬුවම නියමවූ රැඳවියා ශාස්ත්‍රපති උපාධියක් ලබාගනී, ලංකාවෙන් එසේ කළ පළමුවැන්නා

12 July 2019 01:36 pm

මරණ දඬුවම නියමවූ ඉන්දික බමුණුසිංහ නමැති අයෙක් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ලබාගෙන ඇත. පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති උපාධි ප්‍රධානෝත්සවයේදී ඔහු සිය උපාධිය ලබාගත්තේය.

සිරගතව සිටියදී ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් ලංකාවේ පළමුවැනියා ඔහු වන අතර, ලෝකයේම එසේ ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් පස්වැනියාද ඔහු වේ.

ඔහු 2017 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිය කලා උපාධිය (සමාජ විද්‍යා විෂයන්ගෙන්) ලබාගත්තේය. ඒ සඳහා බන්ධනාගාරගතව සිටි හිටපු විශ්වවිද්‍යාල දේශකයෙක්ද සහාය ලබාදී ඇත.

ඉන්දිකගේ බිරිඳ ද ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට අතිවිශාල සහයෝගයක් ලබාදී ඇති අතර, අධ්‍යාපන කටයුතුවලට අදාළ දේශනවල හඬපට ඔහුට ලබාදීමට කටයුතු කර ඇත්තේ ඇයයි. ඊට විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය සහ බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතාද සහයෝගය ලබාදී ඇත.

ඡායාරුප සහ මුලාශ්‍රය - ඩේලි මිරර්

SC