පාස්කු පෙත්සම් සලකා බැලීම 25ට කල් යයි

පාස්කු පෙත්සම් සලකා බැලීම 25ට කල් යයි

12 July 2019 12:37 pm

පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ලබන 25 දිනට කල්තබා ඇත. 

අද (12) පෙරවරු 11ට එම පෙත්සම් විභාගය ආරම්භ කළේ අගවිනිසුරු ඇතුළු සත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේය. 

එම පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා වේ නම් එළඹෙන 18 වැනි දින ද ප්‍රතිවිරෝධතා ඇත්නම් එළඹෙන 23 වැනි දිනද ගොනු කරන ලෙස දක්වා තිබේ. 

ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් එම පෙත්සම් 08 ගොනු කර ඇත.

ඒ අනුව අපරාධ නිතිය යටතේ ඔවුන්ට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් කරන ලෙස එම පෙත්සම්වලින් ඉල්ලා සිටියි. 

ASK