පිවිතුරුය පළමු පෙම : ගම්මන්පිලත් විශ්වාස භංගයේදී ඡන්දෙ නොදී මාරු වෙලා !

පිවිතුරුය පළමු පෙම : ගම්මන්පිලත් විශ්වාස භංගයේදී ඡන්දෙ නොදී මාරු වෙලා !

12 July 2019 09:21 am

දැඩි දේශප්‍රේමියෙකු, ඇමරිකානු විරෝධියෙකු සහ ආණ්ඩු විරෝධියෙකු වන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ද ඊයේ (11) පැවති විශ්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමේදී ආණ්ඩුවට එරෙහිව ඡන්දය ප්‍රකාශ නොකර මඟහැර ඇති බව වාර්තා වේ. 

ඒ මහතා ඊයේ දිනයේදී අදාළ ඡන්ද විමසීම මඟහරිමින් රටින් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. 

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව දැඩි විවේචන එල්ල කළ, ආණ්ඩුව මේ දැන් පෙරළන බවට නොයෙක් වර ප්‍රකාශ කළ ගම්මන්පිල මහතා ආණ්ඩු පෙරළියක් සඳහා අවස්ථාව ලද මොහොතේ හැසිරී තිබුණේ ඒ ආකාරයෙනි. 

RN