ගෝඨාගේ ගිවිසුමෙන් ඕනෑම ඇමරිකානු හමුදා අනුඛණ්ඩයකට රටට මැදිහත් වෙන්න අවසර ලැබුණා - චම්පික

ගෝඨාගේ ගිවිසුමෙන් ඕනෑම ඇමරිකානු හමුදා අනුඛණ්ඩයකට රටට මැදිහත් වෙන්න අවසර ලැබුණා - චම්පික

12 July 2019 08:44 am

ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් ඇමරිකානු පුරවැසියකු වන රොබට් ඕ බ්ලේක් මහතා සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2007දී අත්සන් තැබූ ගිවිසුම අනුව ඕනෑම ඇමරිකානු හමුදා අනුඛණ්ඩයකට රටට මැදිහත් වීමේ අවසරය හිමිව තිබුණු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

එසේම එම ගිවිසුම කිසිදු අවස්ථාවක කැබිනට් මණ්ඩලයකට ඉදිරිපත් නොකෙරුණු බවයි ඒ මහතා සඳහන් කළේ. 

එහෙත් වත්මන් ආණ්ඩුව ඇමරිකාව සමඟ අත්සන් තැබූ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතිවා මෙන්ම කවර කවර අනුඛණ්ඩ කොතැනට කොතැනට ගමන් කරන්නේද යන්න පවා හෙළිකර ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය. 

එද ඒ රොබට් ඕ බ්ලේක්වම මුදල් දී ගෙන්වාගෙන ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන අනාගතය ගොඩනඟා ගැනීම සඳහා දේශන පැවැත්වීම ගැන විමල් වීරවංශ ඇතුළු ඇමරිකන් විරෝධීන් කියන්නේ කුමක්දැයි රණවක මහතා ප්‍රශ්න කළේය. 

චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පාර්ලිමේන්තුවේදී විශ්වාස භංග විවාදයට එක්වෙමිනි. 

RN