විශ්වාස භංගයට සහාය දුන්නේ දිනන්න නෙවෙයි. අපට ආණ්ඩු පෙරළන්න ඕනෙත් නෑ - මහින්ද

විශ්වාස භංගයට සහාය දුන්නේ දිනන්න නෙවෙයි. අපට ආණ්ඩු පෙරළන්න ඕනෙත් නෑ - මහින්ද

12 July 2019 07:14 am

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාස භංග යෝජනාවට තමන් සහාය පළ කළේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් නොවන බවත් මේ මොහොතේ ආණ්ඩු පෙරළීමේ වුවමනාවක් තමන් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. 

තමන් විශ්වාස භංගයට සහාය දුන්නේ තමන් මෙම ආණ්ඩුවේ සෑම දෙයකටම එරෙහි නිසා පමණක් බවයි ඒ මහතා අවධාරණය කළේ. 

ආණ්ඩු පෙරළීම ජනතාව විසින් ඉදිරියේදී කරනු ඇති බව පැවසූ ඒ මහතා තමන්ට අවශ්‍යව ඇත්තේ ඒ සඳහා කෙසේ හෝ මැතිවරණයක් ලබා ගැනීම බවත් සඳහන් කළේය. 

මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති විශ්වාස භංග විවාදයට එක්වෙමිනි. 

RN