විශ්වාස භං‍ගයේ ඡන්ද විමසීමට පෙර රනිල්-මහින්ද සාකච්ඡා කළේ මොනවාද ?

විශ්වාස භං‍ගයේ ඡන්ද විමසීමට පෙර රනිල්-මහින්ද සාකච්ඡා කළේ මොනවාද ?

11 July 2019 08:25 pm

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විංශ්වාස භංග යෝජනාව අද (11) පාර්ලිමේන්තුවේදී පරාජයට පත්විය. ඒ වැඩි ඡන්ද 27 කිනි. යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් ලැබුණු අතර යෝජනාවට විරුද්ධව ඡන්ද 119 ක් ලැබී තිබිණි.

ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගර්භයේ නොසිටි මන්ත්‍රීවරුන් ප්‍රමාණය 14 කි.

මේ අතර විශ්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම සිදු කිරීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර රහසිගත සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වේ. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදීය.

ඔවුන් දෙදෙනා අතර සාකච්ඡාවට භාජනය වූයේ මොනවාද යන්න තවමත් අනාවරණය වී නොමැත.

UN