ආණ්ඩුවේ සහ ජවිපෙ විවාහය දැන් අවලංගුයි. ඒකත් පොහොට්ටුවේ ජයක් - කාංචන

ආණ්ඩුවේ සහ ජවිපෙ විවාහය දැන් අවලංගුයි. ඒකත් පොහොට්ටුවේ ජයක් - කාංචන

11 July 2019 04:47 pm

මෙම විශ්වාස භංග යෝජනාවෙන් අනතුරුව ජනතා විමුක්ති පෙරමුණට මින් ඉදිරියට ආණ්ඩුවේ කිසිදු ක්‍රියාවකට සහයෝගය දීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසයි. 

2015 වසරේදී සිදු කළ ආකාරයෙන් ආණ්ඩුවේ අපේක්ෂකයකුට අනියමින් හෝ සහාය දැක්වීමට මින් ඉදිරියට ජවිපෙට නොහැකි බවයි ඒ මහතා අවධාරණය කළේ. 

එසේම මේ ආකාරයෙන් වසර හතර හමාරක කාලයක් තුළ ආණ්ඩුව රැක ගැනීමට සහාය දුන් සෑම පාර්ශ්වයක්ම ආණ්ඩු විරෝධී මඟකට ගෙන ඒමට හැකිවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණයක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. 

කාංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ අද (11) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN