CID/TID ප්‍රධානීන් පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

CID/TID ප්‍රධානීන් පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

11 July 2019 03:00 pm

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු නැවත හෙට (12) පෙරවරු 09 ට ආරම්භවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට දිනයේදීද පුද්ගලයන් කිහිප දෙනෙකු තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානීන් හෙට දිනයේදී කාරක සභාව හමුවට කැඳවීම සිදුවන බවයි වාර්තා වන්නේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර මහතා කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතය.

මේ අතර රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාද හෙට දිනයේදී කාරක සභාව හමුවට කැඳවනු ඇති බවයි වාර්තා වන්නේ.

UN