ඇමරිකානු ජනාධිපතිවරණය : මෙන්න කරනවා නම් වැඩ

ඇමරිකානු ජනාධිපතිවරණය : මෙන්න කරනවා නම් වැඩ

27 June 2019 05:27 pm

ඇමරිකා එක්සත්  ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහනට අදාළව අපේක්ෂකයන් මුහුණට මුහුණ සිදුකරන විවාදය  ලොව පුරා ප්‍රචලිතය. ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයන් 20 දෙනාගෙන් 10 දෙනෙකුගේ විවාදය ඊයේ (26) රාත්‍රියේදී පැවැත්විණි. 
 
සෞඛ්‍යාරක්ෂාව,සංක්‍රමණය සහ  ඇමරිකානු දේශපාලන ප්‍රතිපත්තිය  කාරණා එම විවාදයේ ප්‍රධාන මතෘකාය. 
 
සෙනෙට් සභිකයන් වන කොරි බූකර්,එමී කොල්බුකර් සහ එලිසබෙත් වැරන් නියෝජිතයන් වන තුල්සි ගැබාර්ඩ් සහ ටීම් රයන්,වොෂින්ටනයේ ආණ්ඩුකාර ජේ ඉන්ස්ලි, නිව්යෝර්ක්  නගරාධිපති බිල් ද බ්ලැසියෝ, හිටපු නියෝජිතයන් වන බෙටෝ ඕ'රෝර්ක් සහ ජෝන් ඩිලනි, හිටපු නිවාස සහ නාගරික සංවර්ධන  ලේකම් ජුලියන් කස්ත්‍රෝ  ෆ්ලොරිඩාවේ  මියාමි හිදී වේදිකාවේ සිය මතයන් ප්‍රකාශයට පත් කළේය. 
 
තාක්ෂණික කාරණා මඟ හැරුණු විට විවාදය උණුසුම්ව පවත්වා  තිබේ. 
 
සෞඛ්‍යාරක්ෂිතභාවය
 
එකම පක්ෂයක එකිනෙකාට වෙනස්  අපේක්ෂකයන් දස දෙනෙකු  අනාගත ඇමරිකාව කෙසේ විය යුතුද යන්න පිළිබඳ ඉතා ආකර්ශනිය ලෙස විවාද කළ බවයි විදෙස්  වාර්තා සඳහන් කරන්නේ. 
 
සෞඛ්‍යාරක්ෂිතභාවය සම්බන්ධයෙන් වූ විවාදයේදී පෞද්ගලික රක්ෂණ අහෝසි කර සමස්තටමට අදාළ කරගත හැකි සෞඛ්‍ය ක්‍රමවේදයකට යාම  සම්බන්ධයෙන් අපේක්ෂකයන් අතර උණුසුම් විවාදයක් ගොඩ නැගී තිබේ. 
 
එහිදී එලිසබෙත් වැරන් සහ නිව්යෝර්ක් නගරාධිපති බිල් ද බ්ලැසියෝ අවධාරණය කර තිබුණේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය අහෝසි කළ යුතු බවයි. 
 
මත විමසීමට අනුව ඇමරිකානුවන් පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සමාගම්වලින් අනුකම්පාව බලාපොරොත්තුවෙන් හිඳින බව එලිසබෙත් වැරන් පෙන්වාදී තිබේ.   
 
රජයේ අනුග්‍රහයෙන් කෙරෙන සෞඛ්‍ය රක්ෂණයට ඇය සහය පළකලද  එය දේශපාලනිකව එය කළ නොහැකි බව වැරන් සඳහන් කර ඇත.  
 
උණුසුම් මුහුණුවරක් ගෙන ඇති එම විවාදයේදී වැරන්  අවධාරණය කර ඇත්තේ "ඔවුන් ඇත්තටම මොකක්ද මේ කියන්නේ.ඔවුන් කියන්නේ ඔබ වෙනුවෙන් එය කළ නොහැකි බවයි. නමුත්  සෞඛ්‍යාරක්ෂාව මූලික අයිතිවාසිකමක්. මම ඒ වෙනුවෙන් සටන් කරනවා"  යනුවෙනි. 
  
ඕ'රෝර්ක් සහ  කොල්බුකර් දෙදෙනා පවසා තිබුණේ  විශ්වීය සෞඛ්‍ය රක්ෂණයක අවශ්‍යතාව තිබුණද එකවර පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණයෙන් මිදිය නොහැකි බවයි. 
 
විවාදයේදී අදහස් දක්වමින් ජෝන් ඩිලනි පවසා තිබුණේ පක්ෂය විසින් දැනට කරගෙන යන කටයුතු පවත්වාගෙන යමින් කැඩී බිඳී ගිය ආසාර්ථක වූ දේ නිවැරදිකර ගැනීමට ක්‍රියා කළ යුතු බවය. 
 
මෙම විවාදයේ හැඩය, අපගේ පක්ෂයේ හදවත සහ ආත්මය වෙනුවෙන් කරන සටනක් මෙන් යැයි නිව්යෝර්ක්  නගරාධිපති බිල් ද බ්ලැසියෝ පවසා තිබේ. 
 
ඕ'රෝර්ක්  ප්‍රකාශ කර තිබෙන්නේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය සියලු දෙනාම රැක බල ගැනීමේ මූලික අවශ්‍යතාවක් බවයි. එහෙත් බිල් ද බ්ලැසියෝ  ඔහුව විවාදයේදී පරදා තිබේ. 
 
මේ අයුරින් සෞඛ්‍ය රක්ෂණය කුමක් විය යුතුද යන්න පිළිබඳ එකම පක්ෂයකය අපේක්ෂකයන් එකිනෙකාට විවාදකර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ඇමරිකානුවන්ට භාරය. 
 
 
සංක්‍රමණික ගැටළුව 
 
සංක්‍රමණික ප්‍රශ්නයද ඔවුන් අතර ඉතා උණුසුම් තත්ත්වයක් ගොඩනගා තිබේ. 
 
මෙහිදී පවුල් වෙන් වීම සහ රඳවා තබා ගැනීම යන කරුණ ගැන  විවාදය පවත්වා ඇත. දේශසීමා තරණය කිරීම කළයුතු බවටද මත පළවී ඇත. 
 
ඕ'රෝර්ක් පවසන්නේ  එක්සත් ජනපදයේ සරණාගතභාවය සහ රැකවරණය පතන අය අපරාධකරණයට ලක් නොවන බවට සහතික වන පනතක් ගෙන ඒමට උදව් කළ  බවයි. 
 
හිටපු නිවාස සහ  ලේකම් ජුලියන් කස්ත්‍රෝ  විවාදයට එක්වෙමින් පවසන්නේ, තමන් කතාකරන්නේ සරණාගතයින් පිළිබඳ නොව අන් සෙසු සියල්ලන් පිළිබඳව ඕ'රෝර්ක් ඔහුට අයත් කටයුතු කර නැහැ යනුවෙනි. 
 
සංක්‍රමණික ප්‍රශ්නයට අදාළව එක්සත් ජනපදය හා මෙක්සිකෝව අතර රියෝ ග්‍රෑන්ඩ් ගඟ තරණය කිරීමට උත්සාහ කරමින් සිටියදී දියේ ගිලී මියගිය ඔස්කාර් ඇල්බර්ටෝ මාටිනස් රමිරෙස් සහ ඔහුගේ මාස 23 ක් වයසැති දියණිය වන වැලෙරියාගේ මරණ පිළිබඳව අපේක්ෂකයෝ  පෙන්වා දුන්හ.
 
අපේක්ෂකයන් කිහිපදෙනෙකු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට සහ ඔහුගේ සංක්‍රමණික ප්‍රතිපත්තියට දොස් නැගීය.
 
ඇමරිකාවේ සරණාගතභාවය අපේක්ෂාවෙන් එම පවුල මෙක්සිකෝවේ බොහෝ කාලයක්  අපේක්ෂා සහගතව සිට ඇති බවද එහිදී අනාවරණ වී තිබේ. 
 
ඔස්කාර් ඇල්බර්ටෝ මාටිනස් රමිරෙස් සහ ඔහුගේ දියණියගේ රුව නැරඹීමම හද කම්පා කරවන බව කස්ත්‍රෝ පැවසීය.
 
සංක්‍රමණිකයන් ඔවුන්ගේ සතුරන්  නොවන බව සිහිපත් කළ විට බිල් ද බ්ලැසියෝ මහ හඬින් අත්පොලසන් දී තිබේ. 
 
සංක්‍රමණිකයන් දෙස වෛරී සහගතව නොව ඔවුන්ද තමන් වැනිම මිනිසෙකු ලෙසින් සිතන ලෙසට එම විවාදයේදී මතු වී ඇති විශේෂ කාරණයයි.
 
ආර්ථිකය 
 
රිපබ්ලිකන් පරිපාලනය විසින් හැඩගස්වා ඇති ජාතික ආර්ථිකයකට එරෙහිව ඩිමොක්‍රටික් අපේක්ෂකයන්  10 දෙනාම පෙළ ගැසී සිටි අතර ඔවුන් අවධාරණය කරන්නේ එම ආර්ථික ප්‍රතිපත්තිය  ධනවතුන්ට සීමා වුවක් බවයි. 
 
ඇත්තටම මේ ආර්ථිකය වැඩකරන්නේ කා  වෙනුවෙන්ද යන්න වැරන් එහිදී ප්‍රශ්න කර තිබේ. 
 
ඔබට ආණ්ඩුවක් ලැබුණු විට, මුදල් ඇති අය වෙනුවෙන් විශාල දෙයක් කරන සහ අන් සියල්ලන්ටම යහපත් නොවන ආර්ථිකයක් ඔබ සතුව ඇති විට එය දූෂණයෙන්, පිරිසිදුබවින්  හා සරළ  කමෙන් යුක්තය” එක්සත් ජනපද සෙනෙට් සභික සහ  හාවඩ්හි හිටපු  නීති අංශ මහාචාර්යවරයාගේ එම ප්‍රක්ශයද එහිදී උපුටා දක්වමින් ඩිමොක්‍රටික් අපේක්ෂකයන් අදහස් දක්වා ඇත. 
 
ඇමරිකා ආර්ථිකය දැවැන්ත තෙල් සමාගම් සහ පෞද්ගලික බන්ධනාගාර වැනි යෝජනා සඳහා හොඳින් ක්‍රියාත්මක වුවද දේශගුණික වෙනස්කම්වලට මුහුණ දෙන සහ එම බලපෑම් එල්ල වී ඇති අයට යෝග්‍ය නොවන බව ද පෙන්වා දී තිබේ. 
 
විවාදයට එක්  වූ කණ්ඩායම පෙන්වා දී ඇත්තේ  ට්‍රම්ප්  පරිපාලනය එදිනෙදා ජීවිතය ගැන සිතන  ඇමරිකානුවන්ට වඩා ධනවත් හා විශාල සමාගම්වලට උදව් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.   
 
ඉරානය 
 
ඉරානය සහ ලෝක බලවතුන් අතර පැවති  න්‍යෂ්ටික ගිවිසුමෙන් 2015 දී ඇමරිකාව ඉවත් වීමෙන් පසු මේ වන විට පසු ඉරානයට එරහි ආර්ථික සම්බාධක පැනවීම ඇතුළු ක්‍රියාපටිපාටිය හේතුවෙන් ඉරානය යුද්ධයක් අද්දරට පැමිණ ඇති බව ඩිමොක්‍රටික් අපේක්ෂකයන් විවාද කර තිබේ. 
 
එය ජනාධිපති ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තියේ අසාර්ථකභාවය පෙන්නුම් කරන්නක් බව ඔවුන් සඳහන් කරයි. 
 
කෙසේවෙතත් ඉරානය සම්බන්ධයෙන් සැලකිය යුතු බව ඔවුන් පෙන්වා දී තිබේ. 
 
මේ ආකාරයට ඔවුන් සිය මතය සහ වැඩපිළිවෙල වෙනුවෙන් ඉතා විශිෂ්ට  අයුරින් එම විවාදය කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. 
 
ඇමරිකානු දේශපාලනයේ සුවිශේෂී ලක්ෂණයක් වන මෙය තම තමන් විසින්ම තම තමන්ගේ සුදුසකම් ප්‍රසිද්ධ වේදිකාවේ කිරා මැන  ගත යුතුය. 
 
ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් තමන් නියෝජනය කරන පක්ෂය තුළින් මතුවිය හැක්ක්කේ එලෙස සාර්ථක වන අපේක්ෂකයන්ටය. 
 
එහි විනිවිදභාවයක් පවතින අතර එකී විවාද ජනතාවට  විවෘත හෙයින් අපේක්ෂකයන්ට අගතියක්  සිදු නොවේ. 
 
දියුණු දේශපාලන සංස්කෘතියක ස්වභාවය එය වන අතර ශ්‍රී ලංකව වැනි රටවල්ද දැන් එවැනි තැනකට බලෙන් හෝ තල්ලු කිරීමට කාලය එළඹ තිබේ. 
 
ASK