යුද හමුදාපති සාක්ෂි දෙයි! ජනමාධ්‍ය ඉවත් කරයි!

යුද හමුදාපති සාක්ෂි දෙයි! ජනමාධ්‍ය ඉවත් කරයි!

26 June 2019 04:00 pm

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට, යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අද (26) කැඳවා තිබිණි.

යුද හමුදාපතිවරයා ප.ව. 2.15 ට සාක්ෂි ලබාදීම ආරම්භ කළ අතර, එහිදී ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. ඒ අනුව එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැනට අවදානමක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමේ හැකියාවක් ඕනෑම මොහොතක තිබිය හැකි බවත්, එල්ටීටීඊ ත්‍රස්තවාදය පවා මුළුමනින්ම පරාජය කර ඇති නමුත් ඔවුන්ද නැවත නැගී සිටිය හැකි බවත් ඔහු සඳහන් කරයි. එවැනි අවදානමක් මතු වුවහොත් එය කලින් හඳුනාගෙන මැඩපැවැත්වීම ආරක්ෂක අංශවල හා බුද්ධි අංශවල වගකීම බවයි ඔහු කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේ.

යුද හමුදාපතිවරයා සාක්ෂි ලබාදෙමින් සිටින අතරතුර මාධ්‍යවේදීන් ඉවත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කළේය.

UN