චිචී බේබිත් කැමති මහප්පට නෙවෙයි බාප්පට

චිචී බේබිත් කැමති මහප්පට නෙවෙයි බාප්පට

26 June 2019 03:43 pm

චමල් මහප්පාගේ නිහතමානීකම, සියලු දෙනාගේ අදහස් විමසා කටයුතු කිරීමේ ගුණය ශ්‍රී ලංකාව වැනි රටක ජනාධිපති තනතුර සඳහා නොගැලපෙන බවත් ජනාධිපති වියයුත්තේ ගෝඨා බාප්පා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කණිටු පුත් රෝහිත රාජපක්ෂ (චිචී) මහතා පවසයි.

රෝහිත රාජපක්ෂ මහතා යූටියුබ් නාළිකාවක් හා පැවති සාකච්ඡාවකදී මේ බව පවසා තිබේ.

හිටපු කතානායකවරයෙකුද වන චමල් රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට නුසුදුස්සෙකු නොවන අතර, කෙසේ වෙතත් මේ මොහොතේ වඩාත් සුදුසු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ස්වාධීන අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණය වැනි ප්‍රධාන තනතුරක් ජය ගැනීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි ඔහු පවසන්නේ. සංචාරක ආකර්ශනය දිනා ගැනීම සඳහා විදේශිකයන් වෙනුවෙන් කැසිනෝ ශාලා විවෘත කිරීමට අවස්ථාව නොදුන් ජනතාවක් සිටින රටක කැසිනෝ ව්‍යාපාරිකයෙකු ජයග්‍රහණය කිරීම සිදුවිය නොහැක්කක් බවයි රෝහිත රාජපක්ෂ මහතා පවසන්නේ.

UN