ජනාධිපතිත් පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවයිද ?

ජනාධිපතිත් පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවයිද ?

24 June 2019 05:51 pm

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගියදා තීරණය කර තිබිණි. ඒ අනුවට ඉදිරියේදී අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නීතිය හා සාමය හිටපු ඇමතිවරුන් වන සාගල රත්නායක හා රංජිත් මද්දුමබණ්ඩාර යන ඇමතිවරුන් ද ඉදිරියේදී විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට නියමිතය.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජනාධිපතිවරයා කැඳවීමට ද කාරක සභාව සූදානම් වේ. එකී විශේෂ කාරක සභාවේ සාමාජිකයෙකු ප්‍රකාශ කර තිබෙන්නේ අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයා ද කැඳවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට බලතල තිබෙන බවයි.

මෙතෙක් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර නොමැති අතර කෙසේ වෙතත් එසේ දැනුවත් කළද ජනාධිපතිවරයා පැමිණේද යන්න සැක සහිතය. පසුගිය කාලයේදී රටට පෙනුණු, ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය අනුව නම් ජනාධිපතිවරයා කිසිසේත්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට නොයනු ඇත.

UN