මහින්දට වැඩ කළාටත් වඩා ඉහළින් ගෝඨාට වැඩ කරනවා - බැසිල්

මහින්දට වැඩ කළාටත් වඩා ඉහළින් ගෝඨාට වැඩ කරනවා - බැසිල්

24 June 2019 07:10 am

මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වැඩ කළාටත් වඩා ඉහළින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් වැඩ කිරීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 

ඒ මහතා මේ බව පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයා ලෙස නම් කෙරුණහොත් ඔහුගේ ප්‍රචාරක ව්‍යාපෘතියේ නියමුවා ලෙස කටයුතු කරන්නේදැයි මාධ්‍යවේදීන් ඊයේ (23) නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 

"ඒක ඉතිං හැමදාම කරපු එක. මේ පාර නොකර ඉන්න බෑනෙ. මහින්ද රාජපක්ෂටත් වැඩ කරා වගේ තමයි ඉතිං, ඊට වැඩිය ඉහළින් කරනවා" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය. 

RN