මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණ වැසුවේ ජේ.ආර් ද?

මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණ වැසුවේ ජේ.ආර් ද?

23 June 2019 06:04 pm

මුස්ලිම් කාන්තාවන් මුහුණු ආවරණය කිරීමට යොමු වූයේ 1977න් ඇරඹි විවෘත ආර්ථියකයේ ප්‍රතිපලයක් නිසා යැයි  තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (23) මහනුවර මාවිල්මඩ කාර්යාලයේ පැවති රැස්වීමකදීය. 

1977 විවෘත ආර්ථිකය හදුන්වා දීමෙන් පසු මෙරට කාන්තාවන් මැදපෙරදිග රටවල ගෘහ සේවය ඇතුළු රැකියා සඳහා යෑමට අවස්ථාව ලැබුණු අතර මුහුණු වැසීමේ ආභාෂය ලැබුණේ එම රටවල්වලින් බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

 කෙසේවෙතත් මුහුණ වැසීම සම්බන්ධයෙන් ඉස්ලාම් ආගමේ සඳහන් නොවන බවද හලීම් මහතා පැවසුවේය. 

තමන් කුඩා කළ තමන්ගේ මව ද මුහුණු ආවරණය නොකළ අතර සාරිය ඇඳ සරි පොටෙන් හිස වසාගැනීම කළ බවයි ඔහු කියාසිටියේ. 

මැදපෙරදිග ගෘහ සේවයට යෑමෙන් පසු අරාබිකරයේ කාන්තාවන් භාවිතා කළ ඇඳුම්වලට ආකර්ශනය වී ඒවා භාවිතා කිරීමට මෙරට මුස්ලිම් කාන්තාවන්ද යොමු වී ඇති බව හලීම් මහතා ප්‍රකාශ කෙළ්ය. 

එහෙත් එම ඇඳුම අනුමත නොකරන අතර මේ වන විට එම ප්‍රශ්නය විසඳා ඇති බවද ඔහු සඳහන් කළේය. 

 ASK