’’පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා’’ - පොහොට්ටුව ස්ථිර කරයි

’’පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨා’’ - පොහොට්ටුව ස්ථිර කරයි

20 June 2019 01:29 pm

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගෙන අවසන් බව අද (20) එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමු දෙකකදීම අවධාරණය කළේය. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපති අපේක්ෂකයා බව ඔවුන් පැවසීය.

ෂෙහාන් සේමසිංහ මහතාගේ සහ ඩී.වී.චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවේදී සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ පවිත්‍රා වන්නිආරච්චි යන මන්ත්‍රීවරියන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවේදී මෙම කාරණය තහවුරු කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව තෝරා ගෙන ඇති බව මෙම මන්ත්‍රීවරුන් සනාථ කර ඇත.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදයෙන් එම තෝරාගැනීම සිදුව තිබේ. 

මේ අතර මාධ්‍ය හමු අවසන් වී මාධ්‍යවේදීන් සමඟ සුහද කතා බහක නිරත වී ඇති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව තෝරා ගත් බව මහින්ද රාජපක්ෂ මහතා විසින් තමන්ට පැවසූ බවයි. 

ඒ අනුව එම කාරණය මාධ්‍ යවෙත ලබා දෙන ලෙසද තමන්ට පැවසූ බව වන්නිආරච්චි මහත්මිය පවසා ඇත.

ASK