මහින්ද රාජපක්ෂගේ පවුල අපේක්ෂකයා නම් කළා. අපට ප්‍රශ්නයක් නෑ - පොහොට්ටුව

මහින්ද රාජපක්ෂගේ පවුල අපේක්ෂකයා නම් කළා. අපට ප්‍රශ්නයක් නෑ - පොහොට්ටුව

19 June 2019 06:03 am

මහින්ද රාජපක්ෂ මහතාගේ පවුල විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු මේ වනවිට නම් කර තිබෙන බවත් ඒ පිළිබඳව තමන්ට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. 

ඒ අනුව නුදුරේදීම එම අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි එම පක්ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේ. 

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා රාජපක්ෂ පවුල තුළ ඇති පොරය නිසා ගැටුම් ඇති වෙතැයි ඇතැමුන් කීවත් එවන් කිසිවක් සිදු නොවුණු බව ද ඒ මහතා සඳහන් කළේය. 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ඡන්දය ලබාදීම තමන් කළ වරදක් බව පැවසූ මන්ත්‍රීවරයා හැකි ඉක්මනින් එය අහෝසි කළ යුතු බවත් පැවසීය. 

එස්. එම්. චන්ද්‍රසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN