වැටුණු ක්‍රිකට් ගොඩගන්න ක්‍රිකට් ආයතනයෙන් යෝධ පියවරක් !

වැටුණු ක්‍රිකට් ගොඩගන්න ක්‍රිකට් ආයතනයෙන් යෝධ පියවරක් !

18 June 2019 05:19 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ආරක්ෂ උපදේශක තනතුරට, හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබෙනවා. 2019 මැයි 17 වැනිදා සිටි බලාත්මක වන පරිදි ඔහු මේ තනතුරට පත් කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හා කණිෂ්ට කණ්ඩායම්වල දේශීය හා විදේශීය තරගාවලි, සංචාරවල ආරක්ෂාව, පුහුණුකරුවන් ඇතුළු බලධාරීන්‍ගේ ආරක්ෂාව, සහ ක්‍රීඩාංගන හා ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු වගකීම් ඔහු පැවරෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසන්නේ, රොෂාන් ගුණතිලක මහතා ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ වීමත් සමගින් ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසය තැබිය හැකි බවයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් දින දර්ශනය කිසිදු බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු පූර්ණ දායකත්වය ලබාදෙනු ඇති බවත් සභාපතිවරයා පවසනවා.

‍ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දිගින් දිගටම පරාජයන් අත්කර ගනිමින් ආසාර්ථ වෙමින් තිබෙන වකවනුවක ක්‍රීඩා බලධාරීන්ගේ වගකීම වන්නේ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය තීරණ ගැනීම හා ඒ සඳහා අවශ්‍ය පුද්ගලයන්ගේ සේවය ලබා ගැනීමයි. එහෙත් එම වගකීම දිගින් දිගටම පැහැර හරිමින් සිටින බලධාරීන් සිදු කරන්නේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා හරහා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් කුට්ටිය බෙදා ගැනීම සඳහා විවිධ අවශ්‍යතා මතු කරමින් තව තවත් පුද්ගලයන් බඳවා ගැනීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් මේ වනවිට කිසිදු අනාරක්ෂිත බවක් නිර්මාණය වී නොමැත. එසේ තිබියදී හදිසියේ ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු හමුදා ප්‍රධානියෙකු බඳවා ගන්නේ කුමන අරමුණක් සඳහා ද යන්න ගැටළු සහගතය.

ක්‍රිකට් ආයතනයට පත්වන බළධාරීන්ගේ ඔලුගෙඩි මාරු වූ පමණින් කිසිදු වෙනසක් නොවන බව දැන් කලෙක සිට ක්‍රීඩාලෝලීන් අවබෝධ ක‍රගෙන සිටී. වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩාව භාර ගැනීමෙන් පසු ක්‍රීඩාලෝලීන් ඔහුගෙන් යම් වෙනසක් බලාපොරොත්තු විය. එහෙත් මෙවැනි පත් කිරීම් දිගින් දිගටම සිදු වන්නේ නම් ක්‍රීඩා අමාත්‍යවරයා වෙනස් වුවද ක්‍රිකට් වෙනස් නොවන බව හරි පාරට නොවැටෙන බව දැන් ක්‍රීඩාලෝලීන් තේරුම් ගනු ඇත.

UN