මහින්දටත් බෑ. සිංහල බෞද්ධ රාජ්‍යයක් පිහිටුවන්න ගෝඨාට පුළුවන් - නලින් ද සිල්වා

මහින්දටත් බෑ. සිංහල බෞද්ධ රාජ්‍යයක් පිහිටුවන්න ගෝඨාට පුළුවන් - නලින් ද සිල්වා

18 June 2019 04:29 am

සිංහල බෞද්ධ රාජ්‍යයක් යළි පිහිටුවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට සුදුසුකම් ඇති බව මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි. 

එහෙත් ඔහු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වේද නොවේද යන්න තමන් නොදන්නා බවයි මහාචාර්යවරයා සඳහන් කළේ. 

සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවන බවට ප්‍රතිඥා දෙමින් අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බව පැවසූ නලින් ද සිල්වා මහතා එම ප්‍රතිඥාව චම්පික රණවක මහතා වැනි දරුණු අවස්ථාවාදියෙකු ලබා දුන්නාට තමන් පිළිනොගන්නා බවත් අවධාරණය කළේය. 

එසේම සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙනුවෙන් පෙනී නොසිටින බවට මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ යන සියලුම දෙනාට චෝදනා කළ මහාචාර්යවරයා ඒ සියලුම දෙනා බලන්නේ සිංහල බෞද්ධ නොවන ඡන්ද දෙස බව ද ප්‍රකාශ කළේය. 

මහාචාර්ය නලින් ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN