තනතුරු බෙදා ගැනීමට නොහැකිව ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ඡා කොට උඩ

තනතුරු බෙදා ගැනීමට නොහැකිව ශ්‍රීලනිප - පොහොට්ටු සාකච්ඡා කොට උඩ

17 June 2019 05:39 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර දේශපාලන සන්ධානයක් සඳහා වූ සාකච්ඡා මාලාවේ 06 වැනි වටය අද (17) පැවැත්වීමට නියමිතව තිබිණි. කෙසේ වෙතත් එම සාකච්ඡා කල්දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 06 වැනි වටයේ සාකච්ඡාව ලබන ජුනි 26 වැනිදා දක්වා කල්දමා තිබෙනවා.

දේශපාලන සන්ධානයක් පිළිබඳ සාකච්ඡා මාලාවේ 05 වැනි වටයෙ පසුගිය 07 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.

සාකච්ඡා කල් දැමීමට හේතුව ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වය හා අගමැති අපේක්ෂකත්වය බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. දෙපාර්ශ්වය අතර ඇතිවන සන්ධානයකදී ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ශ්‍රීලනිපය විසින් ඉල්ලා ඇති අතර කෙසේ වෙතත් ඒ සඳහා පොදුජන පෙරමුණ එකඟතාවය පළකර නොමැත.

සන්ධානයක් ඇතිවන්නේ නම් ජනාධිපති අපේක්ෂකත්වය වත්මන් ජනාධිපතිවරයාට හිමි වියයුතු බව පසුගියදා ශ්‍රීලනිප මහ ලේකම්වරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර පොදුජන පෙරමුණ විසින් ඔහුගේ එම ප්‍රකාශය බරපතල විවේචනයට ලක් කළේය.

UN