මංගලට ඕන ඒවා කරන්න බැහැ - රාජිත මංගල ගැටුම ඇරඹෙයි

මංගලට ඕන ඒවා කරන්න බැහැ - රාජිත මංගල ගැටුම ඇරඹෙයි

17 June 2019 12:46 pm

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසන පරිදි චීනයෙන් දුම්වැටි ගෙන්වීමට කටයුතු කළහොත් තමන් ආණ්ඩුවෙන් ඉවත්වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

චීනයෙන් දුම්වැටි ගෙන එන්නට සූදානම් වන්නේ  වුවමනාවටදැයි  නොදන්නා නමුත් එවැනි ආණ්ඩුවක සිටීමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බවයි සේනාරත්න මහතා සඳහන් කරන්නේ. 

සෞඛ්‍ය ඇමතිවරයා ලෙසත් වෛද්‍යවරයෙකු ලෙසත් තමන් දුම්වැටි භාවිතයට විරුද්ධ බව ඔහු කියා සිටියි. 

මෙම කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය විධායක බලතල පාවිච්චි කළ යුතු අතර පසුගිය වසර තුනක වෙහෙස විනාශ වීමට ඉඩ නොදිය යුතු බවයි අමාත්‍යවරය අවධාරණය කරන්නේ. 

චීනයේ වුවමනාවට මෙරට සේවය කරන චීන ජාතිකයන් වෙනුවෙන් චීන දුම්වැටි ගෙන එන්නට කටයුතු කළහොත් ඉදිරියේදී තවත් රටවල් මෙරට සේවය කරන එම විදේශිකයන් වෙනුවෙන් ඔවුනුත් දුම්වැටි එවීමට සූදානම් වනු ඇති බවයි රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ. 

කෙසේවෙතත් දුම්වැටිවලින් ලැබෙන ආදායමට වඩා දුම්වැටි භාවිතයෙන් ඇති වන රෝග සුව කිරීම සඳහා එම ආදායමට වඩා දෙගුණයක් මුදල් රජයට වැය වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි. 

මේ වන විට වසර තුනක් දුම්කොළ විරෝධී ප්‍රතිපත්තියට සම්මාන  ගෙන තිබෙන අතර මෙම ක්‍රියාවලිය ආපස්සට හැරවීමට ඉඩ දිය යුතු නැති බවයි සේනාරත්න මහතා පවසන්නේ. 

එහෙත් දුම්කොළ විරෝධී මෙම ගමන ආපස්සට හැරවීමට කවුරුන් හෝ ක්‍රියා කළ හොත් තමන් එවැනි ආණ්ඩුවක සිටීමට අවශ්‍ය නැති අතර ඉදිරි කැබිනට් මණ්ඩලයේදී මේ ගැන තමන් දැඩිව කතා කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියි. 

ASK