ජාතීන්ගේ අනුපාතයට අනුව ඉඩම්, රැකියා බෙදිය යුතුයි - ඇල්ලේ ගුණවංශ හිමි

ජාතීන්ගේ අනුපාතයට අනුව ඉඩම්, රැකියා බෙදිය යුතුයි - ඇල්ලේ ගුණවංශ හිමි

13 June 2019 02:37 pm

කුමන රජයක් බලයට පත් වුවත් ඉදිරියේදී ජාතීන්ගේ අනුපාතයට අනුව ඉල්ලීම් ලබාදීමට කටයුතු කළ යුතු බව ඇල්ලේ ගුණවංශ හිමි පවසයි. 

එක් එක් ජාතීන් නියෝජනය කරන පරිදි මණ්ඩලයක් ඇති කර, ඒ හරහා ඉඩම්, රැකියා යනාදිය ජන අනුපාතයට අනුව බෙදා දිය යුතු බවයි එහිමි සඳහන් කළේ. 

ඇල්ලේ ගුණවංශ හිමි මේ බව පැවසුවේ ඊයේ (12) පැවති යුතුකම සංවිධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි. 

ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස එක්ව නැඟී සිටිනවා වෙනුවට ජාතිකත්ව පදනමින් ජනතාව තවදුරටත් බෙදා වෙන් කිරීමට, ජාතීන් අතර ඇති ආතතිය වර්ධනය කිරීමට, එකිනෙකා වර්ගවාදී පදනමින් ඇනකොටා ගන්නා තැනට පත් කිරීමට කරන මේ යෝජනාව පිළිකුලෙන් යුතුව හෙළාදැකිය යුතුව තිබේ. 

අනෙක් අතට මේ ප්‍රමිතිකරණ කතාව ශ්‍රී ලංකාවට අලුත් දෙයක් ද නොවන අතර මීට ශ්‍රී ලංකාව වන්දි ගෙවූයේ තිස් අවුරුදු යුද්ධයකිනි. 

ඇල්ලේ ගුණවංශ වැනි දෙමළාගේ, මුසල්මානුවාගේ රුධිරයම ඉල්ලන "වැම්පයර් නිකායේ" භික්ෂුන්ට බුදුන් වහන්සේගේ ධර්මය උගන්වා ඔවුන්ව බෞද්ධයින් කිරීමට කිසිවකු නොමැති වීම කණගාටුවට කරුණකි. 

RN