ලබන අඟහරුවාදා කැබිනෙට්ටුව රැස්වෙයි

ලබන අඟහරුවාදා කැබිනෙට්ටුව රැස්වෙයි

13 June 2019 02:30 pm

ලබන අඟහරුවාදා සුපුරුදු පරිදි කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. අමාත්‍ය මනෝ ගනේෂන් මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක මේ බව සඳහන් වේ.

ආණ්ඩුව සහ ජනාධිපතිවරයා අතර පවතින විරසකභාවය හේතුවෙන් මෙම සතියේ කැබිනට් රැස්වීම නොපැවැත්විණි.

ජනාධිපතිවරයා පසුගියදා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් කැඳවා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පිළිබඳව විවේචන එල්ල කළ අතර එම හමුව අතිශය උණුසුම් විය.

ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණේ ආණ්ඩුව විසින් මෙම තේරීම් කාරක සභාව පත් කර තිබෙන්නේ පාස්කු ප්‍රහාරයේ සියලු වගකීම් තමාගේ කර මත පැටවීම සඳහා බවයි. ඒ අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අහෝසි කරන තෙක් තමන් කැබිනට් රැස්වීම් සඳහා සහභාගි නොවන බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණේ.

UN