ජනපති අදාළත් නැති සමුළුවට ටජිකිස්ථානය බලා පිටව යයි

ජනපති අදාළත් නැති සමුළුවට ටජිකිස්ථානය බලා පිටව යයි

13 June 2019 01:44 pm

කලාපීය සමුළුවක් සඳහා සහභාගී වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ටජිකිස්ථානයට යාමට නියමිත බව අපි මීට පෙර පුවතකින් පළ කළෙමු. ඒ අනුව ජනාධිපතිවරයා අද (13) උදෑසන ටජිකිස්ථානය බලා පිටව ගොස් තිබේ. 

විශේෂත්වය වන්නේ මෙම සමුළුව චීන - රුසියානු භූ දේශපාලන කලායට අයත් රටවල සමුළුවක් වීමයි. එනම්, ශ්‍රී ලංකාවට අදාළත්වයක් නොමැති සමුළුවක් වීමයි. 

මෙම සමුළුවෙහි සාමාජිකත්වය ද ශ්‍රී ලංකාව ලබාගෙන ඇත්තේ 2018 අගෝස්තු 15 වනදාය. 

ජනාධිපතිවරයා මේ වනවිට ලෝක සිතියමේ රටවල් හොය හොයා විදෙස්ගත වන ආකාරයක් ද පෙන්නුම් කෙරෙන අතර ගතවූ දින 15 තුළ විදෙස්ගත වන දෙවන අවස්ථාව මෙයයි. 2015 ජනවාරි 08 වනදා සිට ඒ මහතා විදෙස් ගතවූ වාර ගණන සම්බන්ධයෙන් සම්පූර්ණ තොරතුරු සොයා ගැනීම තරමක් අපහසු කාර්යයක් වන අතර එය වාර 40කට අඩු නොවනු ඇත. එනම්, සෑම මාස එක හමාරකටත් අඩු පරතරයක් තුළ ඒ මහතා විදෙස් සංචාරයක් සඳහා සහභාගී වී තිබේ. 

කෙසේවෙතත් මෙම සමුළුව සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරියකු සඳහන් කළේ, ජනාධිපතිවරයා මේ වනවිට කොහොමටත් කරන්නේ අදාළ නොවන වැඩ බැවින් ටජිකිස්ථානු සංචාරය ගැන ද එතරම් නොසිතන ලෙසය.