නව ජාතික බුද්ධි ප්‍රධානියා රුවන් කුලතුංග

නව ජාතික බුද්ධි ප්‍රධානියා රුවන් කුලතුංග

13 June 2019 01:30 pm

ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මහතා පත්කර තිබෙනවා. කුලතුංග මහතාගේ පත්වීම අද (13) ආරක්ෂක අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ.

ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස සේවය කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා පසුගියදා සිය තනතුරෙන් ඉල්ලා අස් වූ අතර ඔහු සඳහන් කර තිබුණේ සෞඛ්‍ය හේතු මත ඉල්ලා අස්වන බවයි.

කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලා අස්වීම රට තුළ දැඩි කතාබහට ලක් වූ අතර බොහෝ දෙනා සඳහන් කරන්නේ ඔහුගේ ඉල්ලා අස්වීම පිටුපස වෙනත් ගැටලුවක් තිබෙන බවයි. වෙනත් පුද්ගලයකුගේ අවශ්‍යතාවය මත හෝ බලපෑම මත ඔහුගේ ඉල්ලා අස්වීම සිදු වන්නට ඇති බව ද ඇතැමුන් ප්‍රකාශ කර තිබිණි.

UN