මහමැතිවරණය දිනන්න බෑ, ජනාධිපතිවරණයක් ඕනෑ - නඩු ළඟ මහින්දානන්ද කියයි

මහමැතිවරණය දිනන්න බෑ, ජනාධිපතිවරණයක් ඕනෑ - නඩු ළඟ මහින්දානන්ද කියයි

13 June 2019 09:06 am

මේ මොහොතේ රට තුළ පවතින තත්වය අනුව අනිවාර්යයෙන්ම පැවැත්විය යුත්තේ මහමැතිවරණයක් නොව ජනාධිපතිවරණයක්ම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 

තම කඳවුරේ සිටින හොඳම අපේක්ෂකයා ඉදිරිපත් කරමින් තම කඳවුරට ජයග්‍රහණය කළ හැකි හොඳම මැතිවරණය වන්නේ ජනාධිපතිවරණය බවයි ඒ මහතා සඳහන් කළේ. 

එසේම මේ මොහොතේ මහමැතිවරණයක් පැවැත්වුවහොත් යළි ආණ්ඩු පිහිටුවීම සඳහා අන්තවාදී පක්ෂවල සහාය ගැනීමට සිදුවන බවත් ඒ අනුව ආපසු සිදුවන්නේ දැන් සිදුව ඇති දෙයම බවත් ඒ මහතා අවධාරණය කළේය. 

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

පසුගිය ජනාධිපතිවරණය සමයේ 2014 නොවැම්බර් මාසයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා බෙදාදීමට කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ගෙන්වීමේදී රුපියල් කෝටි 04කට අධික මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව විශේෂ මහාධිකරණයෙහි නඩු පැවරීම සඳහා අගවිනිසුරුවරයා අවසර ලබාදී තිබුණේ පෙරේදා දිනයේය. 

RN