හිස්බුල්ලා සහ ඉලංගකෝන් අද පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

හිස්බුල්ලා සහ ඉලංගකෝන් අද පාර්ලිමේන්තු කාරක සභාව හමුවට

13 June 2019 08:28 am

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එ. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක, හිටපු පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අද (13) පෙනී සිටීමට නියමිතය. 

එන්. කේ. ඉලංගකෝන් මහතා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයකු ද වීම විශේෂත්වයකි. 

මේ දෙදෙනාට අමතරව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාට ද කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත. 

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද පස්වරු 03.30ට රැස්වේ. 

RN