ජනපතිගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාටත් විශේෂ මහාධිකරණයේ නඩු

ජනපතිගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාටත් විශේෂ මහාධිකරණයේ නඩු

12 June 2019 01:28 pm

රුපියල් මිලියන 20ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක යන අයට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පැවරීමට අගවිනිසුරුවරයා විසින් අවසර ලබාදී තිබේ. 

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් මත මෙම අවසරය ලබාදී ඇත. 

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර ඉන්දියානු සමාගමකට පවරාදීම සඳහා රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාට සහ දැව සංස්ථා හිටපු සභාපතිවරයාට චෝදනා එල්ල වී තිබේ. කේ. මහානාම මහතා සහ පී. දිසානායක මහතා 2018 මැයි 04 වනදා අත් අඩංගුවට පත්වූයේ අදාළ අල්ලස් මුදල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ රථගාලේදී ලබාගෙන ගණන් කරමින් සිටියදීය.

RN