ධම්මික වගේ කෝටිපතියන්ටත් මෙහෙම නං අපි ගැන කවර කතාද ?

ධම්මික වගේ කෝටිපතියන්ටත් මෙහෙම නං අපි ගැන කවර කතාද ?

24 October 2021 07:58 pm

මෙරට අංක එකේ ව්‍යාපාරිකයා වන ධම්මික පෙරේරා මහතා සාමාන්‍ය හෝටලයකින් ආහාර ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වනවිට ෆේස්බුක් වෙබ් අඩවියේ සංසරණය වෙමින් තිබෙනවා.

ඇතැම් ෆේස්බුක් පිටුවල එම ඡායාරූප පළකර තිබෙන්නේ 'කෝටිපති ව්‍යාපාරිකයන්ටත් මෙහෙම නම් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද ?' යන සටහනද සමගයි.

මේ වනවිට සාමාන්‍ය ජනතාව විවිධ ආර්ථික ගැටලුවලින් පීඩා විඳිමින් සිටී. බඩුමිල දිනපතා ඉහළ යමින් තිබෙන අතර පසුගිය කාලයේදී සහල්, සීනි, ගෑස්, කිරිපිටි ඇතුළු භාණ්ඩ රැසක හිගයක්ද පැවතිණි.

ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන්ද සිය ව්‍යාපාර කරගෙන යාමට නොහැකි තත්වයට පත්ව තිබේ. විශේෂයෙන් ආනයනකරුවන් මුහුණ දී සිටින දැවැන්තම අර්බුදය වන්නේ ආනයන සඳහා අවශ්‍ය ඩොලර් බැංකු මගින් නිකුත් නොකිරීමයි. මේ නිසා ඇතැම් භාණ්ඩ ආනයනය කිරීමටද නොහැකි වී තිබෙනවා.

මෙම ඡායාරූප සම්බන්ධයෙන් අප ධම්මික පෙරේරා මහතාගෙන් සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ, 'ඔය හෝටලේ පංකාදු අල කරියක් තියනවා, මං ඒකට වහවැටිලා ඉන්නෙ' කියාය.

මේ අතර මෙම ඡායාරූප සම්බන්ධයෙන් ඇතැමෙක් පවසා තිබුණේ, 'පොරත් හෙන සරළ වෙලා. හෙට අනිද්දට පොළොවෙන් මතුවෙන්නද දන්නෑ ප්ලෑන් එක' යනුවෙනි. ඒ, සරළ නායකයන්, පිළිවෙලට වැඩ කරන නායකයන් පත් කරගෙන රටේ ජනතාව දෙතුන් වරක්ම වරද්දා ගත් නිසාවෙනි.