සෙල්ලම් පිස්තෝල නගරාධිපති එසැණින් පොලිස් ඇප මත නිදහස්. ඉහළම තැනකින් කලින්ම උපදෙස් !

සෙල්ලම් පිස්තෝල නගරාධිපති එසැණින් පොලිස් ඇප මත නිදහස්. ඉහළම තැනකින් කලින්ම උපදෙස් !

19 September 2021 12:19 pm

බම්බලපිටිය කොතලාවල පාරේ ඉඩමකට අනවසරයෙන් ඇතුළු වී එහි සිටි ආරක්ෂක නිළධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසියට බාරවීමෙන් පසු අත් අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පොලිස් ඇප මත නිදහස් කර තිබේ. 

ඒ මහතා අද (19) පෙරවරුවේ පොලිසියට බාරවීමෙන් අනතුරුව ඉතාම කෙටි කාලයක් තුළ ඔහුව ඇප මත නිදහස් කර තිබුණු අතර ඔහු සම්බන්ධයෙන් ලිහිල්ව කටයුතු කළයුතු ආකාරය පිළිබඳව ඊයේ දිනයේදීම ඉහළම බලධාරියෙකුගෙන් අදාළ අංශවලට උපදෙස් ලැබී තිබුණු බවත් වාර්තා වේ.