ගම්මන්පිලට ඉල්ලා අස්වෙන්න කියන්නේ ඇයි ? - කරුණු පැහැදිලි කරමින් පතිරණගෙන් මල්ටිබැරල් ප්‍රහාරයක්

ගම්මන්පිලට ඉල්ලා අස්වෙන්න කියන්නේ ඇයි ? - කරුණු පැහැදිලි කරමින් පතිරණගෙන් මල්ටිබැරල් ප්‍රහාරයක්

13 June 2021 10:02 am

බලශක්ති අමාත්‍යවරයාට ඉල්ලා අස්වීමටැයි කියන්නේ මේ මොහොතේ ඉන්ධන මිල වැඩිකිරීම නිසාම නොව මේ තත්වය උදා වනතුරු අමාත්‍යාංශය වශයෙන් කිසිවක්ම නොකිරීම නිසා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි. 

විශේෂයෙන් ඔපෙක් රටවලින් සෘජුවම තෙල් මිලදී නොගෙන විශාල කොමිස් මුදලක් ලැබෙන සිංගප්පූරු තැරැව්කාර සමාගම්වලින්ම දිගටම තෙල් මිලදී ගැනීම දැඩි ලෙස ප්‍රශ්නකාරී බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. 

මහින්ද පතිරණ මහතා ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ. 

RN