තෙල් මිල වැඩිකිරීම ගැන පොහොට්ටුවට පිළිතුරු දෙන්න ගම්මන්පිල මාධ්‍ය හමුවක් කැඳවයි

තෙල් මිල වැඩිකිරීම ගැන පොහොට්ටුවට පිළිතුරු දෙන්න ගම්මන්පිල මාධ්‍ය හමුවක් කැඳවයි

13 June 2021 05:12 am

ඉන්ධන මිල වැඩිකිරීමේ වගකීම භාරගෙන බලශක්තිවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කළ නිවේදනයට පිළිතුරු දීම සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් කැඳවා තිබේ. 

ඒ අනුව අද (13) පස්වරු 02.00ට එම මාධ්‍ය හමුව බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වෙන බවයි ගම්මන්පිල මහතා සිය නිල ෆේස්බුක් පිටුවෙහි සඳහන් කර ඇත්තේ. 

සබැඳි පුවත් - 

බාල්දිය ගම්මන්පිලටම පෙරළෙයි - ඉල්ලා අස්වෙන්නැයි ගම්මන්පිලට පොහොට්ටුවේ ලේකම් දැනුම් දෙයි

RN