අගමැති මහින්ද හදිසියේම අභයාරාමයට. මුරුත්තෙට්ටුවේ හිමි සමග පැය එකහමාරක සාකච්ඡාවක්

අගමැති මහින්ද හදිසියේම අභයාරාමයට. මුරුත්තෙට්ටුවේ හිමි සමග පැය එකහමාරක සාකච්ඡාවක්

7 May 2021 07:27 am

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම නාරාහේන්පිට අභයාරාමට ගොස් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැක ඇති බව වාර්තා වේ. 

එහිදී මහින්ද රාජපක්ෂ මහතා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමග පැය එකහමාරක පමණ කාලයක් සාකච්ඡා කර ඇති බව ද සඳහන්. 

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පසුගිය දිනවල ආණ්ඩුවට එරෙහිව කර්කෂ විවේචන එල්ල කරමින් සිටිනු දක්නට ලැබීම ද විශේෂත්වයකි. 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා යළි සක්‍රිය දේශපාලනයට රැගෙන ඒමේ මෙහෙයුමෙහි ප්‍රබල භූමිකාවක් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් ඉටු කළ අතර එවකට මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතුවල මූලස්ථානය වී තිබුණේ ද නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයයි. 

RN