ගෝඨා හරීන්ගේ ජීවිතය බේරාගනී ....

ගෝඨා හරීන්ගේ ජීවිතය බේරාගනී ....

1 May 2021 05:57 pm

අසනීප තත්වයක් හේතුවෙන් පසුගිය සතියේ සිට රෝහල්ගතව සිටින සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට හෘද සැත්කමක් සිදුකර තිබේ. 

එම සැත්කම සිදුකර ඇත්තේ කීර්තිමත් හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා විසිනි. 

සාර්ථක සැත්කමට මුහුණ දීමෙන් පසු හරීන් ප්‍රනාන්දු මහතා වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතාට සහ රෝහල් කාර්ය මණ්ඩලයට ස්තූති කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළකළ සටහන පහතින් දැක්වේ.