කැරළිකාර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හදිසියේ විදෙස්ගත වෙයි. චීනයට හිතවත් පාකිස්ථානයේ සංචාරයක

කැරළිකාර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හදිසියේ විදෙස්ගත වෙයි. චීනයට හිතවත් පාකිස්ථානයේ සංචාරයක

22 April 2021 08:18 am

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව දැඩි විරෝධයක් පසුගිය සතියේ අවුළුවා ලූ නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හදිසියේ විදෙස්ගත වී ඇතැයි වාර්තා වේ. 

මේ වනවිට එහිමි තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග පාකිස්ථානයෙහි සංචාරයක නිරත වී සිටින බව සඳහන්. 

කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ විරෝධතාව කෙළින්ම එල්ල කෙරුණේ එය චීන කොළනියක් බවට පත්කිරීමට රජය සූදානම් වන බව කියමිනි. එහිමියන් මේ වනවිට සංචාරයෙහි නිරත වී සිටින්නේ කලාපය තුළ වැඩිම චීන බලපෑමට නතුවූ තවත් රටක් වන පාකිස්ථානයෙහි වීම අහඹුවක්ද, ඊට එහා ගිය යමක්ද යන්න අප දන්නේ නැත.  

කෙසේවෙතත් එහිමි පාකිස්ථාන අගමැති ඉම්‍රාන් ඛාන් මහතා සහ එරට ජනාධිපතිවරයා ද හමුවීමටත් නියමිත බව පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර තිබිණි. 

 

RN