ඇමති ඉන්දික අනුරුද්ධගේ පතුරු අරිමින් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි !

ඇමති ඉන්දික අනුරුද්ධගේ පතුරු අරිමින් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි !

21 April 2021 07:57 am

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 

විෂය බාර රාජ්‍ය අමාත්‍යවරයා වන ඉන්දික අනුරුද්ධ මහතා කරන බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගත් බව ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත. 

විගණන පරීක්ෂණයකින් වැරදිකරුවකු වූ පුද්ගලයෙකු නිවාස සංවර්ධන අධිකාරියෙහි වැඩබලන සාමාන්‍යාධිකාරී තනතුර සඳහා පත්කරන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා දිගින් දිගටම කරන බලපෑම් සම්බන්ධයෙන් තමන් අවස්ථා කිහිපයකදීම එකඟතාවක් පළ නොකළ බවත් ඒ මහතාගේ ලිපියෙහි සඳහන්.