චීන පෝට් සිටි දීකිරට විමල්ගේ ජාතික සංවිධාන බළල්ලුත් සාක්කි !

චීන පෝට් සිටි දීකිරට විමල්ගේ ජාතික සංවිධාන බළල්ලුත් සාක්කි !

19 April 2021 07:37 am

කොළඹ වරාය නගරයෙහි චීන කොළනියක් ඇතිවනවා යැයි කීම සම්පූර්ණයෙන්ම බොළඳ කතාවක් බවත් කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව එල්ල කෙරෙන චෝදනා ඇමරිකානු කුමන්ත්‍රයක්දැයි සාධාරණ සැකයක් මතුවන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රබල දේශපාලන අනුගාමිකයෙකු වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

"මෙතන චීන කොළනියක් ඇතිවෙනවා කියන එක සම්පූර්ණ බොළඳ ප්‍රකාශයක්. මේක ජාතික වැදගත්කමක් තියෙන ව්‍යාපෘතියක්. මේ චීනයට විරුද්ධව මේ කලාපයේ සිදුවන ඇමරිකානු ඉන්දියානු ජපාන සහ ඕස්ට්‍රේලියානු මෙහෙයුමේ යම්කිසි ව්‍යාපෘතියක් ලෙස මේ වරාය නගර ව්‍යාපෘතියට පහරදෙනවාද කියන සාධාරණ සැකය අපට ඇතිවෙනවා. මේකෙ මේ උසාවියට ගියපු අය තමයි මේ සැලසුම් සකස් කළේ, දැන් ඔවුන් උසාවියට යන එක හාස්‍යජනක දෙයක්. ඒ නිසා තමයි අපට හිතෙන්නෙ මේක වෙන ව්‍යාපෘතියක් කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

වසන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව විසින් ඊයේ (18) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි. මෙම ජාතික සංවිධාන එකමුතුව මෙන්ම වසන්ත බණ්ඩාර මහතා මහලේකම් ධුරය දරණ දේශහිතෛශී ජාතික ව්‍යාපාරයත් විමල් වීරවංශ මහතාගේ දේශපාලන වුවමනාවන් නියෝජනය කරන සංවිධාන වේ. 

RN