පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීමේදී පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරට බිත්තර ප්‍රහාරයක්

පාදුක්ක සංවර්ධන කමිටු රැස්වීමේදී පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාරට බිත්තර ප්‍රහාරයක්

8 April 2021 07:28 am

ඊයේ (07) දිනයේ පැවති පාදුක්ක ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී එම කමිටු සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාට දැඩි විරෝධයක් එල්ල වී තිබේ. 

අදාළ රැස්වීමේදී ජගත් කුමාර මහතා සහ සීතාවක ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරුන් අතර මතගැටුමක් ඇතිවී තිබුණු අතර තමන්ට උපදෙස් දීමට නොඑන ලෙස ඒ මහතා ප්‍රකාශ කිරීමත් සමග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වෙතින් ඒ මහතා දැඩි විරෝධයක් එල්ල වී තිබිණි. 

එම අවස්ථාවේ ඇතිවූ දැඩි උණුසුම්කාරී තත්වය හමුවේ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අතරමග නවතා දමා ජගත් කුමාර මහතා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පිටව ගිය අතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස හූ කියමින් ඒ මහතාට විරෝධය පළ කරනු දක්නට ලැබිණි. 

මේ අතරම ඒ මහතා පිටව යනවිට ඒ මහතාගේ රථයට සෙනඟ අතරින් බිත්තර ප්‍රහාරයක් ද එල්ල වී තිබිණි. 

විමල් වීරවංශ කැබිනට් ඇමතිවරයා ද ඇතුළුව ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුටම පසුගිය දිනවල යම් යම් අවස්ථාවලදී ජනතා විරෝධය සහ හූ හඬ මැද පළා යන්නට සිදුවුණු අතර මෙම ප්‍රවණතාවය වර්ධනය වෙමින් පවතින ආකාරයක් පෙන්නුම් කෙරේ. 

RN