මහින්ද - රනිල් කලකට පසු බෙන්තොටදී මුණගැසෙති. කතා කළේ ආර්ථිකය ගැනලු

මහින්ද - රනිල් කලකට පසු බෙන්තොටදී මුණගැසෙති. කතා කළේ ආර්ථිකය ගැනලු

1 March 2021 06:11 am

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුගිය සතියේ බෙන්තොටදී සිදුව තිබේ. 

සතිඅන්ත අරුණ පුවත්පත විසින් මේ පිළිබඳ විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ "ඔව්, එය සුහද හමුවක්. කාලයක් මගෙන් හම්බවෙමු කියලා කියා තිබුණා. අනෙක් අයට අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී හම්බවෙන්න පුළුවන්. මම එහිදී ආර්ථිකය ගැන කතා කළා. එයා මුදල් ඇමැතිනේ" යනුවෙනි. 

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමට කටයුතු සූදානම් වෙමින් ඇති වාතාවරණයක් තුළ, දිගු කාලීන මිත්‍රයින් වන පොහොට්ටු - එජාප නායකයින්ගේ හදිසි හමුව දේශපාලන ක්ෂේත්‍රය තුළ විවිධ පුවත් මවමින් තිබෙන ආකාරයක් දක්නට හැකිය. 

විශේෂයෙන් කවුරුත් නොසිතන ආකාරයේ සුවිශේෂී දේශපාලන පෙරළියක ඉඟියක් වශයෙන් ද මෙම හමුව සැලකිය හැකි බවට ප්‍රබල දේශපාලන ආරංචිමාර්ග ඔස්සේ තොරතුරු ලැබෙමින් පවතී.